Course info

කාර්මික පුරාවිද්‍යාව යනු 1950 දශකයේ දී පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එක් වූ උප විෂය ක්ෂේත්‍රයකි. ආරම්භයේ දී කාර්මික විප්ලවය හා සම්බන්ධ ස්ථානල ස්මාරකල යන්ත්‍ර සූත්‍ර ආදිය මත මෙම විෂය ක්ෂේත්‍රය පාදක වුවත්, පසුකාලීනව ඉදිරිපත් වූ මතවාද හා අදහස් සැලකිල්ලට ගෙන නූතන කාර්මික සංවර්ධනයෙහි මූලාරම්භය හා බැඳුණු ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අධ්‍යයනයට ලක් කරන විෂය ධාරාවක් ලෙස නිර්වචනය වී තිබේ. ඒ අනුව කාර්මික පුරාවිද්‍යාවට අයත් වනුයේ 18 වන සියවස දෙවන භාගයේ සිට නුදුරු අතීතය දක්වා කාලවකවානුවට අයත් වන කාර්මික සංස්කෘතිය හා බැඳුණු ස්ථානවල ස්මාරක හා භාණ්ඩ ආදිය යි.
ශ්‍රී ලංකාව කාර්මික රටක් නොවූවත් වතුවගාව හා එහි යටිතල පහසුකම් ලෙස නූතන යන්ත්‍ර මූලික සංස්කෘතියෙහි මුල්කාලයට අයත් කෘතීන් මෙරට ද ස්ථාපනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ “කාර්මික උරුමය” ලෙස දැනට හඳුනාගත හැකිවනුයේ ද එලෙස බිහි වූ අංගයන්ය. කෙසේවෙතත්, ශ්‍රී ලාංකේය සංදර්භය තුළ කාර්මික පුරාවිද්‍යාව හැදෑරීමේ දී බොහෝ කෘතීන් 19 වන සියවස හා ඉන් පසුව බිහි වූ ඒවා ලෙස හඳුනාගත හැකිවන බැවින් මේ සඳහා පාදක කොට ගනුයේ, ක්‍රි.ව. 1800 සිට 1980 දක්වා වූ කාලවකවානුවයි.