Available courses

Course image ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2024
Archaeology

පුරාවිද්‍යාව වනාහි මහජන ආකර්ශයක් ලබාගැනීමට සමත්වූ විෂයක් මෙන්ම ශක්තිමත් න්‍යායාත්මක පදනමක් ගොඩනඟා ගනිමින් විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා වර්ධනයක් අත්කර ගැනීමට සමත්වූ මානව අතීතය පිළිබඳ සොයාබලන විෂයයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර වශයෙන් ද ආකර්ෂණීය විෂයක් වන මෙම විෂය අන්තර් හා බහු ආකාරයෙන් විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට සමත්ව ඇත. නිරන්තර මහජන අවධානයට ලක්වන පුරාවිද්‍යාව, ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ දී උගැන්වීම හා ඉගෙනීම විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. මෙවැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති පුද්ගලයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

Course image ආධුනිකයන් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව - 2023
Archaeology

පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රයක් ලෙසද මහජනතාව අතර ජනප්‍රිය මතයක් මේ පිළිබඳව ගොඩනැගී ඇත. එකිනෙකට වෙනස් භෞතික ස්වභාවය හේතුවෙන්ම, එනම් මුහුදු පත්ලේ හෝ ජලයෙන් යට සිදුකරනු ලබන පර්‍යේෂණ සහ ක්ෂේත්‍ර කටයුතු හේතුවෙන් ජලාශ්‍රිත පුරාවිද්‍යාව නෛතික විෂයයක් ලෙස වෙනම වර්ධනය වූ ආකාරයක්ද දක්නට ලැබේ. 

නමුත් විවිධ සීමාවන් හා ප්‍රායෝගික ගැටළු මත තවමත් මෙම ආකර්ශනීය විෂය ඉගැන්වීම සහ ක්ෂේත්‍ර කටයුතුවල නියැලීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට පමණක් සීමාවී ඇත. මේ නිසා ජලාශ්‍රිත පුරාවිද්‍යා විෂය පිළිබඳ කැමැත්තෙන් පසුවන අතිමහත් බහුතරයකට මේ විෂය සමග විධිමත් ආකාරයෙන් අත්වැල් බැඳ ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. එවන් පසුබිමක් තුළ, ජලාශ්‍රිත පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වය දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.


Course image ආධුනිකයන් සඳහා පුරාවිද්‍යාව - 2022
Archaeology

පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව ක්‍රියාත්මක කරයි.මෙම ආකර්ෂණීය විෂය උගැන්වීම හා ඉගෙනීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයනට පමණක් සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත.

මෙ වැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, ඒ මෙන් ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත (online) පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. අදාළ විෂයක්‍ෂේත්‍ර පිළිබඳ දිගු කාලීන අත් දැකීම් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ඇතුළු ව පුරාවිද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.


Course image ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු - 2022
Archaeology

එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත අනෙකුත් විෂයයන්ගෙන් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම හා ඒවායේ උත්පාදනය කෙරී ඇති දැනුම පිළිබඳ මූලිකාංග ආවරණය වන ආකාරයට මෙම පාඨමාලාව පෙළ ගසා ඇත. අදාළ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන පරිචයක් ලබාගත් ප්‍රාමාණික විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව දියත් වේ.


Course image ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව - 2021
Archaeology

'ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව' පාඨමාලාව පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුම පිළිබඳ උනන්දුවක් දක්වන ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබාගැනීමට කැමැත්තක් දක්වන අයවලුන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබේ. මෙම පාඨමාලාව හරහා විෂයක් වශයෙන්   පුරාවිද්‍යාව හා එහි අන්තර්ගත මූලික සංකල්පත් අවබෝධ කරගැනීමට සලසා දෙන ඉඩකඩ තුළින් පුරාවිද්‍යාව, එහි භාවිතය මෙන් ම ඒ හා සම්බන්ධ සමාජ කථිකාවත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාර්ථියාට හැකියාව ලැබේ.මෙම පාඨමාලාව සම්පත් දායකත්වය පුරාවිද්‍යා කේෂත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති විද්වතුන් පිරිසක් විසින් ලබා දෙනු ලැබේ. 

Course image පුරාවිද්‍යාව හා උරුම අධ්‍යයනය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිවල භාවිතය - 2023
GIS - Geographic Information System
මෙම පාඨමාලාවෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ උසස් තාක්ෂණික ක්‍රම සමඟින් GIS භාවිතා කිරීම සහ යොදාගැනීමයි. බොහෝ ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ රාජකාරී සහ පර්යේෂණ කටයුතු සඳහා GIS  භාවිත කරන සිසුන් සහ වෘත්තිකයන් සිටිති. නමුත් ඇතැම් අවස්ථාවලදී උසස් තාක්ෂණික ක්‍රම සහ උසස් මෘදුකාංග විශේෂාංග යෙදීමෙන් දත්ත කළමනාකරණය තවදුරටත් වැඩිදියුණු කළ හැකිය. මෙම පාඨමාලාව GIS දත්ත කළමනාකරණය කෙරෙහි ද අවධානය යොමු කරන අතර එය සම්පත්දායකයගේ අත්දැකීම් බහුලතාව මත පදනම් වූ හොඳම භාවිතයන් වේ. දත්ත සමුදාය සැලසුම් කිරීම සහ කළමනාකරණ ක්‍රියාවලිය සඳහා GIS විශේෂඥයින්ගේ සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහයෝගීතාවයේ වටිනාකම සහ තවත් ලොව වටා ඇති බොහෝ උදාහරණ සමඟ සාකච්ඡා කරනු ඇත.
Course image පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති - 2022
GIS - Geographic Information System

සංකීර්ණ අවස්ථා වල දී, පුරාවිද්‍යාත්මක ස්ථාන පුරෝකථන විශ්ලේෂණය කිරීම සඳහා මෙන්ම ක්ෂේත්‍රයන් වෙත ආරක්‍ෂිත කලාප හඳුනාගැනීම සඳහා ද GIS භාවිතා කරයි. ත්‍රිමාණ භූමි ආකෘති නිර්මාණය සහ සාගර අගාධ මිතික ආකෘති නිර්මාණය බොහෝ ක්‍රියාකාරීත්වයන් සඳහා ප්‍රයෝජනවත් වේ. පුරාණ නගර, බලකොටු සහ විහාරාරාමයන් හි ත්‍රිමාණ ආකෘති නිර්මාණය තුළින් භූගෝලීය දත්ත දෘශ්‍යකරණය කිරීම ඔස්සේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සඳහා ප්‍රබල වටිනාකමක් ලබාදිය හැකි වෙයි.

මෙම පාඨමාලාව තුළින් GIS හි මූලික කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙයි. ඵලදායී දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයන් ඉගෙනීම සඳහා GPS දත්ත එකතු කිරීම සහ එම දත්ත භාවිතය පිළිබඳව ඇතුළත් කර ඇත. සිතියම්ගත කිරීම වෙත ආරම්භයේ දී ම ප්‍රමුඛතාවය දී ඇතත් එයට වඩා වැඩි විශ්ලේෂණ හැකියාවන් එදිනෙදා භාවිත යෙදුම් ඔස්සේ සාකච්ඡා කරනු ඇත. නවීන භූ අවකාශීය ප්‍රවේශයන් ඵලදායී තොරතුරු නිරූපණ කාර්ය ප්‍රවාහයක් ලෙස ද සාකච්ඡා කෙරේ.


Course image GIS for Medical Administrators (Group 02) - 2021
GIS - Geographic Information System

A geographic information system (GIS) can be used as a very effective tool for administrative purposes in the health sector. Through this course, health professionals can learn and apply GIS with their domain expertise knowledge as a problem-solving tool. It is also crucial for many decision-makers to obtain scientific decisions based on the geographical relationships with the health phenomenon, as GIS allows them to compare and analyze geographic data to find patterns. Thus, GIS for the Decision Makers in the Health Sector is a virtual training program created for the benefit of the health administrators for decision making

Course image GIS for Medical Administrators (Group 01) - 2021
GIS - Geographic Information System

A geographic information system (GIS) can be used as a very effective tool for administrative purposes in the health sector. Through this course, health professionals can learn and apply GIS with their domain expertise knowledge as a problem-solving tool. It is also crucial for many decision-makers to obtain scientific decisions based on the geographical relationships with the health phenomenon, as GIS allows them to compare and analyze geographic data to find patterns. Thus, GIS for the Decision Makers in the Health Sector is a virtual training program created for the benefit of the health administrators for decision making.


Course image GISArch 101: GIS for Archaeology - 2021
GIS - Geographic Information System

The ‘GIS for Archaeology’ course provides a proper understanding of the basics of GIS and provides an opportunity to learn effective GIS data collection techniques. Mapping was given priority at the outset, but more analytical capabilities will be discussed in everyday applications. As resource persons for this series of online lectures, we have joined hands with two experts with years of experience in the use of GIS in the field of archaeology in Sri Lanka.

Course image උරුම කළමනාකරණය සඳහා හැඳින්වීමක් - 2021
Heritage Management

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් ICOMOS – Sri Lanka ආයතනය සමඟ සංවිධානය කරනු ලබන ‘උරුම කළමණාකරණය සඳහා හැඳින්වීමක්’ පාඨමාලාව මෙරට උරුම කළමණාකරණය පිළිබඳව  හැදෑරීමට කැමති එහෙත් එයට ඉඩක් නොලද සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ.උරුමය පිළිබඳ න්‍යායාත්මක ප්‍රවේශයන් සහ ඒවායේ භාවිතය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අරමූණු කරගත් මෙම පාඨමාලාව මඟින් උරුම පරිසරයේ බහු විෂයීය ස්වභාවය ගවේෂණය කරයි.උරුම කළමණාකරණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම විෂයෙහි ප්‍රාමාණික දැනුමක් හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට උරුම කළමණාකරණය පිළිබද අධ්‍යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.


Course image කෞතුකාගාර විද්‍යාව - 2023
Museology

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘කෞතුකාගාර විද්‍යාව - 2023’ මාර්ගගත කෙටි පාඨමාලාව කෞතුකාගාරය නම් ආයතනය හා එහි කාර්යභාරය පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ. මෙම පාඨමාලාව තුළින් කෞතුකාගාර ලෝකයට පුළුල්, න්‍යාය පදනම් කරගත් හැඳින්වීමක් සැපයීම අරමුණු කරගන්නා අතර දේශන තුළින් සිසුන්ට කෞතුකාගාර සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග සහ වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. කෞතුකාගාර ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම කෞතුකාගාර විද්‍යාව විෂයෙහි දැනුම හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට කෞතුකාගාර පිළිබද අධ්‍යනයට මග සලසා දෙයි.



Course image කෞතුකාගාර විද්‍යාව - 2021
Museology

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘කෞතුකාගාර විද්‍යාව’ මාර්ගගත කෙටි පාඨමාලාව කෞතුකාගාරය නම් ආයතනය හා එහි කාර්යභාරය පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ. මෙම පාඨමාලාව තුළින් කෞතුකාගාර ලෝකයට පුළුල්, න්‍යාය පදනම් කරගත් හැඳින්වීමක් සැපයීම අරමුණු කරගන්නා අතර දේශන තුළින් සිසුන්ට කෞතුකාගාර සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග සහ වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. කෞතුකාගාර ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම කෞතුකාගාර විද්‍යාව විෂයෙහි දැනුම හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට කෞතුකාගාර පිළිබද අධ්‍යනයට මග සලසා දෙයි.


Course image ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය - II කොටස (2024)
Epigraphy

ඉන්දිය අර්ධද්වීපික කලාපයේ භාවිත කරන ලද ප්‍රමුඛ පැරණි අක්‍ෂර පද්ධතියක් වූ බ්‍රාහ්මී අක්‍ෂර මාලාව හා පැරණිම බ්‍රාහ්මී ලේඛන පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් සහිත පිරිස සඳහා ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසින් පසු මෙරට භාවිත වූ අක්ෂර පද්ධතිය හා අභිලේඛන පිළිබඳ අවබෝධයක් හා පරිචයක් ලබා දීමේ අරමුණින් මාර්ගගතව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.


Course image ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය - 2023
Epigraphy

අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ සමාජයේ බහුතර පුරවැසින්ගේ අවම දැනුවත් බව හේතුවෙන් පුරාකෘති හා අභිලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිනෙන් දින සමාජයට අහිමි වීම ද මෙම නොදැනුවත් බවේ තවත් ඛේදනීය පැතිකඩකි. අභිලේඛන හා අභිලේඛනයන්ගේ අන්තර්ගතයන් පිළිබඳ ලබා දී ඇති ව්‍යාජ අර්ථකථන හා වරදවා වටහා ගැනීමේ හේතුවෙන් මෙරට ඉතිහාසය මෙන් ම පැරණි සමාජය පිළිබඳ ලබාදෙන අර්ථදැක්වීම් ද තදබල ආකාරයෙන් විකෘති වීම ද තවත් සැලකිය යුතු ඛේදවාචකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ හා මානවශාස්ත්‍ර පීඨයන් හි විද්‍යාර්ථිනට හා පිරිවෙන් විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරා අක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ සිංහල බස වහරනු ලබන පුරවැසියනට අවබෝධයක් ලබා දීමේ පොදු අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.


Course image ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය - 2022
Epigraphy

අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ සමාජයේ බහුතර පුරවැසින්ගේ අවම දැනුවත් බව හේතුවෙන් පුරාකෘති හා අභිලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිනෙන් දින සමාජයට අහිමි වීම ද මෙම නොදැනුවත් බවේ තවත් ඛේදනීය පැතිකඩකි. අභිලේඛන හා අභිලේඛනයන්ගේ අන්තර්ගතයන් පිළිබඳ ලබා දී ඇති ව්‍යාජ අර්ථකථන හා වරදවා වටහා ගැනීමේ හේතුවෙන් මෙරට ඉතිහාසය මෙන් ම පැරණි සමාජය පිළිබඳ ලබාදෙන අර්ථදැක්වීම් ද තදබල ආකාරයෙන් විකෘති වීම ද තවත් සැලකිය යුතු ඛේදවාචකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ හා මානවශාස්ත්‍ර පීඨයන් හි විද්‍යාර්ථිනට හා පිරිවෙන් විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරා අක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ සිංහල බස වහරනු ලබන පුරවැසියනට අවබෝධයක් ලබා දීමේ පොදු අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.