Course info

පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව ක්‍රියාත්මක කරයි.මෙම ආකර්ෂණීය විෂය උගැන්වීම හා ඉගෙනීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයනට පමණක් සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත.
මෙ වැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, ඒ මෙන් ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත (online) පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. අදාළ විෂයක්‍ෂේත්‍ර පිළිබඳ දිගු කාලීන අත් දැකීම් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ඇතුළු ව පුරාවිද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.
- Teacher: Chandima Ambanwala
- Teacher: Ishanka Malsiri
- Teacher: Rasika Muthucumarana
- Teacher: Anuradha Piyadasa