එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත අනෙකුත් විෂයයන්ගෙන් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම හා ඒවායේ උත්පාදනය කෙරී ඇති දැනුම පිළිබඳ මූලිකාංග ආවරණය වන ආකාරයට මෙම පාඨමාලාව පෙළ ගසා ඇත. අදාළ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන පරිචයක් ලබාගත් ප්‍රාමාණික විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව දියත් වේ.