කාර්මික පුරාවිද්‍යාව යනු 1950 දශකයේ දී පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එක් වූ උප විෂය ක්ෂේත්‍රයකි. ආරම්භයේ දී කාර්මික විප්ලවය හා සම්බන්ධ ස්ථානල ස්මාරකල යන්ත්‍ර සූත්‍ර ආදිය මත මෙම විෂය ක්ෂේත්‍රය පාදක වුවත්, පසුකාලීනව ඉදිරිපත් වූ මතවාද හා අදහස් සැලකිල්ලට ගෙන නූතන කාර්මික සංවර්ධනයෙහි මූලාරම්භය හා බැඳුණු ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අධ්‍යයනයට ලක් කරන විෂය ධාරාවක් ලෙස නිර්වචනය වී තිබේ. ඒ අනුව කාර්මික පුරාවිද්‍යාවට අයත් වනුයේ 18 වන සියවස දෙවන භාගයේ සිට නුදුරු අතීතය දක්වා කාලවකවානුවට අයත් වන කාර්මික සංස්කෘතිය හා බැඳුණු ස්ථානවල ස්මාරක හා භාණ්ඩ ආදිය යි.
ශ්‍රී ලංකාව කාර්මික රටක් නොවූවත් වතුවගාව හා එහි යටිතල පහසුකම් ලෙස නූතන යන්ත්‍ර මූලික සංස්කෘතියෙහි මුල්කාලයට අයත් කෘතීන් මෙරට ද ස්ථාපනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ “කාර්මික උරුමය” ලෙස දැනට හඳුනාගත හැකිවනුයේ ද එලෙස බිහි වූ අංගයන්ය. කෙසේවෙතත්, ශ්‍රී ලාංකේය සංදර්භය තුළ කාර්මික පුරාවිද්‍යාව හැදෑරීමේ දී බොහෝ කෘතීන් 19 වන සියවස හා ඉන් පසුව බිහි වූ ඒවා ලෙස හඳුනාගත හැකිවන බැවින් මේ සඳහා පාදක කොට ගනුයේ, ක්‍රි.ව. 1800 සිට 1980 දක්වා වූ කාලවකවානුවයි.
අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ සමාජයේ බහුතර පුරවැසින්ගේ අවම දැනුවත් බව හේතුවෙන් පුරාකෘති හා අභිලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිනෙන් දින සමාජයට අහිමි වීම ද මෙම නොදැනුවත් බවේ තවත් ඛේදනීය පැතිකඩකි. අභිලේඛන හා අභිලේඛනයන්ගේ අන්තර්ගතයන් පිළිබඳ ලබා දී ඇති ව්‍යාජ අර්ථකථන හා වරදවා වටහා ගැනීමේ හේතුවෙන් මෙරට ඉතිහාසය මෙන් ම පැරණි සමාජය පිළිබඳ ලබාදෙන අර්ථදැක්වීම් ද තදබල ආකාරයෙන් විකෘති වීම ද තවත් සැලකිය යුතු ඛේදවාචකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ හා මානවශාස්ත්‍ර පීඨයන් හි විද්‍යාර්ථිනට හා පිරිවෙන් විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරා අක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ සිංහල බස වහරනු ලබන පුරවැසියනට අවබෝධයක් ලබා දීමේ පොදු අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. මාර්ගගත ආකාරයෙන් පැවැත්වෙන මෙම කෙටිකාලීන පාඨමාලාව පහත දැක්වෙන විවිධ කණ්ඩායම් නියෝජනය කරන සාමාජිකයින් වෙත විධිමත් දැනුමක්, අවබෝධයක් හා විෂය පිළිබඳ පරිචයක් ලබා දීම ඉලක්ක කර ඇත.
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ කෞතුකාගාර යන්න පැරණි භාණ්‌ඩ එකතුන් රැසක් එක්‌රැස් කොට තිබෙන ස්‌ථානයක් වුවත් වර්තමානය වන විට කෞතුකාගාර සමාජ ක්‍රියාවලිය හා බද්ධ වී ක්‍රියාකරන ඉතා වැදගත් ආයතනයක් බවට පත් වී ඇත. අද කෞතුකාගාර ඒ ඒ රටවල සංස්‌කෘතික අධ්‍යාපනික හා විද්‍යාත්මක සංවර්ධනයට ද විනෝදාස්‌වාදය සඳහා ද පවත්වා ගෙන යනු ලබයි. මේ අනුව ඒ හා බැඳුණු විශාල කාර්යභාරයක් කෞතුකාගාර මගින් සිදුවේ. කෞතුකාගාර විද්‍යාව තුළින් ප්‍රධාන වශයෙන් කෞතුකාගාර භාවිතයන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙන අතර කෞතුකාගාර හා සමාජය අතර තිබිය යුතු සම්බන්ධය ශක්තිමත් කිරීමට වෑයම් කරයි.
පුරාවිද්‍යාව වනාහි මහජන ආකර්ශයක් ලබාගැනීමට සමත්වූ විෂයක් මෙන්ම ශක්තිමත් න්‍යායාත්මක පදනමක් ගොඩනඟා ගනිමින් විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා වර්ධනයක් අත්කර ගැනීමට සමත්වූ මානව අතීතය පිළිබඳ සොයාබලන විෂයයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර වශයෙන් ද ආකර්ෂණීය විෂයක් වන මෙම විෂය අන්තර් හා බහු ආකාරයෙන් විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට සමත්ව ඇත. නිරන්තර මහජන අවධානයට ලක්වන පුරාවිද්‍යාව, ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ දී උගැන්වීම හා ඉගෙනීම විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. මෙවැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති පුද්ගලයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රයක් ලෙසද මහජනතාව අතර ජනප්‍රිය මතයක් මේ පිළිබඳව ගොඩනැගී ඇත. එකිනෙකට වෙනස් භෞතික ස්වභාවය හේතුවෙන්ම, එනම් මුහුදු පත්ලේ හෝ ජලයෙන් යට සිදුකරනු ලබන පර්‍යේෂණ සහ ක්ෂේත්‍ර කටයුතු හේතුවෙන් ජලාශ්‍රිත පුරාවිද්‍යාව නෛතික විෂයයක් ලෙස වෙනම වර්ධනය වූ ආකාරයක්ද දක්නට ලැබේ. ජලාශ්‍රිත පුරාවිද්‍යාව වූ කලී ශක්තිමත් න්‍යායාත්මක පදනමක් සකසා ගනිමින්, විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා නවීන තාක්ෂණයද උපයෝගී කර ගනිමින් වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ ජලය/සාගරය සමඟ සම්බන්ධවූ මානව අතීතය පිළිබඳ අධ්‍යනය කරන විෂය ක්ෂේත්‍රයකි.
පුරාවිද්‍යා විෂය වනාහි ශීඝ්‍ර ජනප්‍රියතාවක් අත්කරගන්නා වූත්, මහජන ආකර්ශනයට පත්වන්නා වූත් විෂයකි. මේ සඳහා සමාජ මාධ්‍යය හා ජනමාධ්‍යය තුළින් ලැබී ඇති දායකත්වය ද බලපා ඇත. එකී ජනප්‍රියතාවට තදානූරූපීව ශ්‍රී ලංකා පුරාවිද්‍යාව හා පසුගිය කාල සීමාව තුළ එකී විෂය මඟින් උත්පාදනය කර ඇති දැනුම පිළිබඳ ව්‍යාජ හා මිත්‍යා ස්වරූපයේ හා සාධක සමඟ නොසැසදෙන විප්‍රකාර ද සමාජගතවන බව හඳුනාගත හැකි වේ. එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත අනෙකුත් විෂයයන්ගෙන් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම හා ඒවායේ උත්පාදනය කෙරී ඇති දැනුම පිළිබඳ මූලිකාංග ආවරණය වන ආකාරයට මෙම පාඨමාලාව පෙළ ගසා ඇත. අදාළ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන පරිචයක් ලබාගත් ප්‍රාමාණික විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව දියත් වේ.
පුරාවිද්‍යාව වනාහි මහජන ආකර්ශයක් ලබාගැනීමට සමත්වූ විෂයක් මෙන්ම ශක්තිමත් න්‍යායාත්මක පදනමක් ගොඩනඟා ගනිමින් විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා වර්ධනයක් අත්කර ගැනීමට සමත්වූ මානව අතීතය පිළිබඳ සොයාබලන විෂයයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර වශයෙන් ද ආකර්ෂණීය විෂයක් වන මෙම විෂය අන්තර් හා බහු ආකාරයෙන් විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට සමත්ව ඇත. නිරන්තර මහජන අවධානයට ලක්වන පුරාවිද්‍යාව, ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ දී උගැන්වීම හා ඉගෙනීම විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. මෙවැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති පුද්ගලයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රයක් ලෙසද මහජනතාව අතර ජනප්‍රිය මතයක් මේ පිළිබඳව ගොඩනැගී ඇත. එකිනෙකට වෙනස් භෞතික ස්වභාවය හේතුවෙන්ම, එනම් මුහුදු පත්ලේ හෝ ජලයෙන් යට සිදුකරනු ලබන පර්‍යේෂණ සහ ක්ෂේත්‍ර කටයුතු හේතුවෙන් ජලාශ්‍රිත පුරාවිද්‍යාව නෛතික විෂයයක් ලෙස වෙනම වර්ධනය වූ ආකාරයක්ද දක්නට ලැබේ.
නමුත් විවිධ සීමාවන් හා ප්‍රායෝගික ගැටළු මත තවමත් මෙම ආකර්ශනීය විෂය ඉගැන්වීම සහ ක්ෂේත්‍ර කටයුතුවල නියැලීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට පමණක් සීමාවී ඇත. මේ නිසා ජලාශ්‍රිත පුරාවිද්‍යා විෂය පිළිබඳ කැමැත්තෙන් පසුවන අතිමහත් බහුතරයකට මේ විෂය සමග විධිමත් ආකාරයෙන් අත්වැල් බැඳ ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. එවන් පසුබිමක් තුළ, ජලාශ්‍රිත පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වය දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව ක්‍රියාත්මක කරයි.මෙම ආකර්ෂණීය විෂය උගැන්වීම හා ඉගෙනීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයනට පමණක් සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත.
මෙ වැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, ඒ මෙන් ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත (online) පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. අදාළ විෂයක්‍ෂේත්‍ර පිළිබඳ දිගු කාලීන අත් දැකීම් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ඇතුළු ව පුරාවිද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.
එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම
තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය
මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව
ඉදිරිපත් කරනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත අනෙකුත්
විෂයයන්ගෙන් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම හා ඒවායේ
උත්පාදනය කෙරී ඇති දැනුම පිළිබඳ මූලිකාංග ආවරණය වන ආකාරයට මෙම පාඨමාලාව පෙළ ගසා
ඇත. අදාළ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන පරිචයක් ලබාගත් ප්‍රාමාණික විද්වතුන්
පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව දියත් වේ.
'ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව' පාඨමාලාව පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුම පිළිබඳ උනන්දුවක් දක්වන ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබාගැනීමට කැමැත්තක් දක්වන අයවලුන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබේ. මෙම පාඨමාලාව හරහා විෂයක් වශයෙන් පුරාවිද්‍යාව හා එහි අන්තර්ගත මූලික සංකල්පත් අවබෝධ කරගැනීමට සලසා දෙන ඉඩකඩ තුළින් පුරාවිද්‍යාව, එහි භාවිතය මෙන් ම ඒ හා සම්බන්ධ සමාජ කථිකාවත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාර්ථියාට හැකියාව ලැබේ.මෙම පාඨමාලාව සම්පත් දායකත්වය පුරාවිද්‍යා කේෂත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති විද්වතුන් පිරිසක් විසින් ලබා දෙනු ලැබේ.